අපි යුක්තිය වෙනුවෙන් යුක්තිය ඉටු කරමු.අන් අයගේ අයිතිවාසිකම් ගරු කරමු.
කිසියම් වංචනික හෝ බියගුලු හෝ ක්රියාවකින් අපි මෙම පාසලේ ගෞරවය නො කෙලසමු.
තව ද අපේ දුක් විඳින සගයන් අපි කිසිවිටෙකත් අත්නොහරිමු.පෞද්ගලිකවත්,සාමූහිකවත් අපි මෙම පාසලේ උතුම් පිළිවෙත් හා මහඟු දැය වෙනුවෙන් ජීවත් වෙමු.
අපි පාසලේ නීති රීති ගරු කරමු ඒවාට අවනත වෙමු. තව ද එම නීති කඩ කිරීමට හෝඒවා නිෂ්ඵල කිරීමට හෝ පෙළඹෙන්නන් තුළ ද ඒවාට ගෞරවයක් ඇති කිරීමට සෑම උත්සාහයක්ම දරමු.
සමාජ යුතුකම් පිළිබඳ හැඟීමක් සෑමදෙනා තුළ ම නිතර ඇති කිරීමට අපි නොකඩවා දිරි දරමු.
මෙවන් අයුරින් ජීවත් වෙමින්, අපි අප වෙත පවරන ලද මේ පාසලෙහි අගය අඩු නොකොට ඒ වඩා උසස් වඩා යහපත් රමණීය ස්ථානයක් බවට පත් කරමු.
