සෑම මසකම පළමු සිකුරාදා දින බෞද්ධ සංගමයේ රැස්වීම් වාරය පැවැත්වීම
- මෙහිදී නිවරැදි ආගමික වත් පිළිවෙත්වල යෙදීම පිළිබඳ අවබෝධය ලබා දීම, ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සැලැස්වීම, භාවනා වැඩසටහන්වල යෙදවීම.
- ආගමික සාහිත්‍යාංග තුළින් දරැවන්ගේ කුසලතා වර්ධනයට අවස්ථාව ලබා දීම සඳහා කරුණු, ගීත, කථික, විවාද හා නාට්‍ය ඉදිරිපත් කරවීම.
සෑම වෙසක් පොහොයක් නිමිති කරගෙන සතියක් පුරා වෙසක් සතිය පැවැත්වීම.
- සියලු පංතිවල සිසුවියන් සහභාගී කර ගනිමින් පාසල හා අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන පැවැත්වීම.
- 6,7 ශ්‍රේණි සිසුන් සහභාගී කරගනිමින් ආසන්න විහාරස්ථානයක පිරිසිදු කිරීමේ කටයුතු හා ආගමික වත් පිළිවෙත් කිරීම.
- ප්‍රාථමික අංශයේ වෙසක් සැරසිලි නිර්මාණය.
- 6-13 පංති මට්ටමින් සියලු ආගම්වල සිසුන් සහභාගී කරගනිමින් වෙසක් සැරසිලි නිර්මාණ තරගයක් පැවැත්වීම, ත්‍යාග පිරිනැමීම.
- 2019 වසරේ වෙසක් සැරසිලි නිර්මාණ සිදුකරන ලදි.
- වෙසක් දිනට පෙර 1-5 ප්‍රාථමික අංශයේ සිසුවියන් මෙන්ම 6-13 ශ්‍රේණි ද්විතීයික හා ජ්‍යේෂ්ඨ ද්විතීයික අංශවල සිසුවියන් ශීල සමාදානයට සහභාගී කරවීම.පාසලේ අන්‍යාගමික සිසුවියන් විසින් දානමය කටයුතු සංවිධානය කරනු ලැබේ.
- 2020 වර්ෂයේ වෙසක් සතිය වැඩසටහන ක්‍රියාත්මක නොවූ නිසා රූමස්සල සමුද්‍රගිරි විහාරස්ථානයට දානයට අවශ්‍ය ද්‍රව්‍යමය දේ පරිත්‍යාග කරන ලදි.

වාර්ෂිකව පොසොන් බැති ගී සංදර්ශනයක් පැවැත්වීම.
- 1-5 ශ්‍රේණිවල සියලු ආගමික සිසුවියන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ප්‍රාථමික අංශය වෙ නමම සංවිධානය කරනු ලබන අතර ද්විතීයික හා ජ්‍යේෂ්ඨ ද්ව්තීයික අංශය 6-13 ශ්‍රේණි සිසුවියන් හා ආචාර්ය මණ්ඩලය පෙරදිග සංගීත අංශයේ දායකත්වයෙන් මෙම සංදර්ශනය සංවිධානය කරනු ලැබේ.
- 2018, 2019, 2020 වර්ෂ වල ගංවතුර, පාස්කු ප්‍රහාරය හා කොරෝනා ව්‍යාප්තිය නිසා සිදු නො කෙරිණි.

